සාමාන්‍ය පෙළ සිසුන්ගේ ප්‍රශ්න පත්‍රයක් නිසා පළාතක් උණුසුම් වෙයි..O/L විභාගයටත් ප්‍රශ්නයක්?..

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination North Central Province Sri Lankan Schools Education
By Aruna Nov 12, 2023 04:53 PM GMT
Report

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන්ට දෙවන වාරය සඳහා ලබා දුන් කෘෂි හා ආහාර තාක්ෂණය විෂයට අදාල, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට පිළිතුරු සපයන ලෙසට ප්‍රශ්න පත්‍රයේ සටහන්ව තිබුණද, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 ක් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් පාසල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන පුවතක් වාර්තා වනවා.

ඉකුත්දා පැවැති දෙවන වාරයේ මෙම ප්‍රශ්න පත්‍රය උතුරු මැද පළාතේ දරුවන්ට ලබා දී තිබූ අතර සාමාන්‍යය ක්‍රම වේදය වන්නේ ප්‍රශ්න 7ක්, ලබා දී ප්‍රශ්න 5ට පිළිතුරු සැපයීම.

එහිදී අනිවාර්යෙන් පළමු ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයිය යුතු අතර ඉතිරි ප්‍රශ්න 6න්, 4ක් තෝරා ගෙන පිළිතුරු සැපයිය යුතුය යන්නයි.

මෙහිදී දෙමව්පියෝ පැවසුවේ, ඉදිරි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙම විභාගය පෙරහුරුවක් වුවද, මෙලෙස ප්‍රශ්න පත්‍රය වැරදි සහගත ලෙස මුද්‍රණය කිරීම හේතුවෙන් ඉදිරි සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට ගැටලුවක් ඇති වන බවයි.

උතුරු මැද පළාතේ මෙවර දෙවන වාරයේම 6 වසර ඉතිහාසය ප්‍රශ්න පත්‍රය 2019 වසරේ වයඹ පළාතට ලබා දුන් ප්‍රශ්න පත්‍රය වීම පිළිබඳවද ඉකුත්දා මාධ්‍ය මගින් අනාවරණය කෙරැණා.