සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සිසුන් වෙනුවෙන් අලුත් වැඩක් කරන්න යයි..ඇමතිගෙන් දැනුම්දීමක්..
Ministry of Education
A D Susil Premajayantha
Department of Examinations Sri Lanka
G.C.E. (O/L) Examination
Education
By Aruna
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මාස 3ක පමණ කාලසීමාව තුළ සිසුන්ට වෘත්තිය පාඨමාලාවක් පාසල තුළදීම හැදෑරීමේ අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කර සිටිනවා.
කොළඹ දී ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සහතික පත් ප්‍රදානෝත්සවයකට ඊයේ (16) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, විදෙස් වෙළඳපොලේ පවතින ශ්‍රම ඉල්ලුම සපුරාලීම ඉලක්ක කරගනිමින් ඊට අදාළ පුහුණුව මෙලෙස පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි.