සාමාන්‍ය පෙළ සිසුන් නිසා හදිසි තීරණයක් ගනී...මේ ගැන සැලකිළිමත් වන්න..

Ministry of Education Sri Lanka Politician Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education
By Aruna Jun 06, 2023 01:33 AM GMT
Report

සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් වන තෙක් සිසුන් අපහසුතාවට පත්වන කිසිදු විරෝධතාවක නිරත නොවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඊයේ (05 දා) දිනයේ ඉල්ලා සිටියා.

මෙම සිසුන් ඉකුත් වසරේ (2022) දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර මාස 06ක් ප්‍රමාද වී විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිසුන් විභාගයට මුහුණදෙමින් සිටින අවස්ථාවේ ඔවුන් තවදුරටත් අපහසුතාවට පත්වන කිසිදු ක්‍රියාවක නොයෙදෙන ලෙස සියලු පාර්ශ්වවලින් කාරුණිකව ඉල්ලා සිටින බව ද ඒ මහතා පවසයි.

ලබන 8 දා (අනිද්දා) විභාගය අවසන් වීමට නියමිත අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මේ සතියේ විරෝධතා දක්වන බවට දැනුම් දී ඇතැයි දැනගන්නට ලැබුණු බවත් පවසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය අවසන් වන තෙක් එවැනි කටයුතුවල නොයෙදෙන ලෙස ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now