සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක්..මැයි 18 සිට මේදේ කරන්න..
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය මැයි 29 වන දින සිට ජුනි මස 08 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ, විභාග ප්‍රවේශපත්‍ර නොදල පාසල් විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පාසල් ප්‍රධානීන් වෙත ද, පොෟද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශපත්‍ර අදාළ අයදුම්කරුවන් වෙත ද බාගත කිරීමේ අවස්ථාව 18 වනදා සිට ලබාදෙන බවයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව පවතී.
වැඩි විස්තර පහතින්,
මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් ඊයේ දින(16) විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
එහිදී ඔහු පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පවත්වන බවයි. ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
"මේ රට තියෙන්නේ තියෙන තැන ගැන අපි හිතන්නට ඕනේ වැඩිහිටියෝ හැටියට.
අපි ඉස්සර කරපු හැමදෙයක්ම කරන්න බැහැ. තාම අපි පසුගිය අවුරුද්දේ වුණ පසුබෑමෙන් ක්රමාණුකූලව නැගිටිනවා. මම හිතන්නේ ගුරුවරු නම් ඕක ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ.
ඊට වඩා වැදගත් උත්තර පත්‍ර පරික්ෂාව කරන එක. දැන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුත්, ගුරුවරුත් ඒ කටයුත්තේ සම්පූර්ණයෙන් යෙදිලා ඉන්නවා.
අපි මිඩංගු වුණ කාලය අවම කරගෙන අපි බලාපොරොත්තු වුණ කටයුත්ත කරන්න. සාමාන්‍ය පෙළ විභාග නියමිත දිනවලදීම පවත්වන්න විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනවා.
" එමෙන්ම, අ.පො.ස (සා.පෙළ) 2022 (2023) විභාග මැයි 29 සිට ජූනි 08 දක්වා පැවැත්වීමට නියමිත බැවින් 2023 මැයි 23 මධ්‍යම රාත්‍රියේ සිට අදාළ උපකාරක පන්ති/සංශෝධන පන්ති පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරනවා.
මේ අතර, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්ෂකයන් ඒ සඳහා අයදුම්පත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පවසනවා.
ඉල්ලුම්පත යොමු කළ ද මෙතෙක් ජාතික හැදුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන් එම දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ යුතු බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති අයදුම්කරුවන් නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරියාවරයා සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කළ යුතු බවද සඳහන්.
තහවුරු කිරීමේ ලිපිය නොලැබු අයදුම්කරුවන් 0115226100 හෝ 0115226126 යන දුරකථනවලට ඇමතීමෙන් විමසීම් කළ හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |