සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගනී..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination Education
By Aruna May 16, 2023 04:38 AM GMT
Report

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම සඳහා සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් එය ඊයේ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර වෙත භාරදුන් බවයි.

සාමාන්‍ය පෙළ විභාගය මේ මස 29 වනදා සිට ජුනි මස 8 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වීමට නියමිතව ඇත.

එබැවින් නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වී තිබේ.

එමෙන්ම, ඩෙංගු වසංගතය හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

අදාළ බලධාරින් වෙත දැනුම්දී ඇත්තේ, විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල්හි ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදුකරන ලෙසටයි.

මේ අතර, උසස් පෙළ විභාගයේ ඇගයීමේ කාර්යයන් සදහා සම්බන්ධ වී සිටින පරීක්ෂකවරුන් වෙත ගෙවීමට නියමිත දීමනාවෙන් කොටසක් අත්තිකාරකමක් ලෙස ලබාදීමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රුපියල් 5000 ක අත්තිකාරම් මුදල ගෙවීම තවදුරටත් ප්‍රමාද කිරීම හේතුවෙන් ඇතැම් ගුරුවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලින් ඉවත්වී සිටින බවට ද පුවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, එම පුවත් වාර්තා වීමත් සමග විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, අදාළ අත්තිකාරම් මුදල ගෙවීමට කටයුතු කරමින් සිටින බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now