හෙද විදුහලක් නාය යයි..දැඩි අවදානම් තත්ත්වයක්..!

Kandy Sri Lanka Landslide In Sri Lanka
By Sewvandhi Nov 07, 2022 02:52 PM GMT
Report

අයහපත් කාලගුණයත් සමග දැඩි බෑවුම් ප්‍රදේශයක පිහිටා ඇති මහනුවර හෙද විදුහල නාය යෑමේ දැඩි අවදානමකට ලක්වී ඇති බවත් එම හේතුව නිසා අධ්‍යයන කටයුතු ද සම්පූර්ණයෙන් නවතා ඇති බව විදුහල් බලධාරීන් දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා රෝහල් පද්ධතියට හෙද හෙදියන් පුහුණු කරනු ලබන ප්‍රධානතම ආයතනයක් වශයෙන් සැලකෙන මෙම හෙද විදුහල මේ ආකාරයෙන් නාය යාමේ තර්ජනයකට ලක් වීම එහි අධ්‍යයන කටයුතුවල නියැලෙන හෙද හෙදියන්ගේ අධ්‍යන කටයුතු ඉදිරියට කරගෙන යාම විශාල ප්‍රශ්නයකට තුඩු දී ඇති බව එහි පාලන අධිකාරිය කියයි.

දැනට දින ගණනාවක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් හෙද විදුහලේ විදුහල්පතිවරයාගේ නිළ නිවස, හෙද පුහුණුව ආදර්ශ කාමරය හා විද්‍යාගාරය වැසිකිළි පද්ධතිය හා ගරාජය මෙන්ම දේශන ශාලාව සහිත ගොඩනැගිල්ල ද මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව පවතින අයුරු දැකගත හැකිය. 

 හෙද විදුහලේ විශාල කොටසක් නායයාමට ලක්ව විනාශ වී ඇති බවද හෙද විදුහලේ ගුරුවරයෙක් වන අජිත් වර්ණසූරිය මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now