2500 ක් මහ දවල් බීච් එකක ප්‍රසිද්ධියේ නිරුවතින් ඡායාරූප සහ වීඩියෝ ගනී.(VIDEO/PHOTOS)

Australia
By Aruna Nov 26, 2022 11:13 PM GMT
Report

සමෙහි පිළිකා වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ ඊයේ දිනයේ සංවිධානය කර තිබුණා.

නිරුවත් වූ පුද්ගලයින් 2500 දෙනෙකුගේ සහභාගීත්වයෙනුයි මෙම වැඩසටහන පැවැත්වුණේ.

මේ වසර තුළ පමණක් ඔස්ට්‍රේලියාවේ සමෙහි පිළිකා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1500කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වනවා.

එරට අතිශය ජනප්‍රිය වෙරළ තීරයක් වන සිඩ්නි නුවර Bondi Beach මෙම සති අන්තයේදී නිරුවත් වෙරළ තීරයක් කිරීම සඳහා මෙම අවසරය හිමි වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස නිල වශයෙන් එරට වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථමවරට බවයි.

ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන Spencer Tunick විසින් සංවිධානය කෙරූ ඡායාරූප ගැනීමේ ඉසව්වක් වෙනුවෙන් මෙම සුවිශේෂී අවසරය හිමිව තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සඳහා Waverley නගර කවුන්සිලය විසින් අවසර ලබා දී දුන් බවයි.

එරට වාර්ෂිකව මියයන චර්ම පිළිකා රෝගීන් සිහිපත් කිරීම උදෙසා මෙම ඉසව්ව සංවිධානය කර තිබුනේ ඊයේ දිනයේයි.

අදාල වීඩියෝව මෙතනින් නරඹන්න.?

මීට අදාල ඡායාරූප පහතින් බලන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery