VAT බද්දෙන් නිදහස් වන කර්මාන්ත ගැන දැනුම් දෙයි.

National Health Service
By Wayomi Jan 04, 2024 11:42 AM GMT
Report

ආයුර්වේද නිෂ්පාදන සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කරනවා.

ඒ, සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීමේ අරමුණින්.

එමෙන්ම පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳාගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යාංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව ද ඔහු පවසනවා.

VAT බද්දෙන් නිදහස් වන කර්මාන්ත ගැන දැනුම් දෙයි. | Notification Of Industries Exempted From Vat

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර ආයුර්වේද සංස්ථාවේ මූලිකත්වයෙන් ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන ඉදිරියේ දී දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වාදෙන බව ද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

                                                                         Sponsored By Sarrita Jewellery