හෙට මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි වහාම පැන වූ තහනම..

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Latest Headlines Decision Making
By krishani Apr 29, 2024 05:27 PM GMT
Report

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

හෙට මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි වහාම පැන වූ තහනම.. | Notification From Examination Department

ඒ මැයි මස 6 වන දා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව සඳහන් කරමින් ය.

එම කාලය තුළ උපකාරක පන්ති සංවිධාන කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ වගේ දෙයක් ඔයාටත් වුණා ද කියලා දැන්ම බලන්න - ජනතාවට දැනුම්දීමක් මෙන්න.

මේ වගේ දෙයක් ඔයාටත් වුණා ද කියලා දැන්ම බලන්න - ජනතාවට දැනුම්දීමක් මෙන්න.


එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදාහැරීම, ඊට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙන්ම ළඟ තබා ගැනීම ද  තහනම් වේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 6 වනදා සිට 15 වනදා දක්වා ය.