හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ නාගරික සංවර්ධන හා නිවාස හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ, මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නිකුත් කළ ඉදීකිරීම් කටයුතු වලට අදාල නියෝග මාලාවක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද රිට් පෙත්සමක් විභාගයට ගැනීමටයි.
මේ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජනවාරී මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ඉහත නම් සඳහන් කළ වගඋත්තරකරුවන්ට මෙලෙස අධිකරණ නියෝග ලැබුණා.
ඉංජිනේරුවරු වරයෙකු වූ කපිල රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
පෙත්සම්කරු කියා සිටින්නේ හිටපු නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 වසරේ ජුලි මස 8 වන දා නාගරික සංවර්ධනය හා ඉදිකිරීම් කටයුතු වලට අදාළව නියෝග මාලාවක් නිකුත් කළ බවයි.
ඔහු පෙන්වා දෙන්නේ එම නියෝග වලින් මහජනතාවට දැඩි අගතියක් සිදු වන බවත්, එවැනි නියෝග නිකුත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂට බලයක් නොමැති බවත්ය.
ඒ අනුව පෙත්සම්කරු පවසන්නේ, අදාළ රෙගුලාසි නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවත්,ඒවා බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |