අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Dr Wijeyadasa Rajapakshe Department of Prisons Sri Lanka Child Abuse Prisons in Sri Lanka Latest Headlines
By Sewvandhi Apr 01, 2024 08:14 AM GMT
Report

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ , වයස අවුරුදු 14ත් 16ත් අතර ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමග ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව රජය ගෙන ඒමට යෝජිත සංශෝධන ඉල්ලා අස්කර ගත් බවයි.

අද (01) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදි අමාත්‍යවරයා පැවසුවේ,

"මෙම පනත් කෙටුම්පත ජනාධිපති නීතීඥවරු වෙනත් නීතීඥවරු සහ වෘත්තිකයින් කිහිපදෙනෙකු එකතුවෙලා අවුරුදු 5ක් පමණ අධ්‍යයනය කරලා තමයි, මේ නිර්දේශය අධීකරණ අමාත්‍යාංශයට ලබාදුන්නේ." මේ නඩු මහාධිකරණයට එනකොට 90%ක්ම ඒගොල්ලෝ වැඩිවියට පත්වෙලා.විවාහ වීමට හැකියාව තියෙනවා. ඒ අයට දරුවොත් ඉන්නවා. සමහර අය බැඳලා. සමහර අය බඳින්න කැමතියි. නමුත් අනවාර්යය දඬුවමක් නිසා ඒ තරුණයා අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් හිරේ යවන්න ඕනේ."

මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. මේක මානූෂිය පැත්තෙන් බලලා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු 3ක් දීලා තියෙනවා. පොතේ තියෙන්නේ එක නීතියක් හැබැයි අධිකරණය අනුගමනය කරන්නේ වෙනම නීතියක්. මේ දෙක සැසඳෙන තත්ත්වයක් රටේ ති‍යෙන්න ඕනේ. නැතිනම් මේක ගැටලුවක්. නීතියේ තියෙනවා එකක් අධිකරණයේ තියෙනවා එකක්. ඉල්ලීම් සලකලා බලලා අපි මේක ඉල්ලා අස්කර ගන්නවා. ඉදිරියේ දී කාටත් එකඟවෙන්න පුළුවන් සං‍ශෝධනයක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්නන්."