උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්..!

Ministry of Education Education
By Sewvandhi Feb 26, 2024 10:33 AM GMT
Report

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇති බවයි.

අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ,ඉදිරි කාලසීමාවේදී ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලැබුණු පසුව ඒ අනුව කටයුතු කිරීමට ක්‍රියාකරන බවය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එම සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත් කරන ලද කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ බවයි.