දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි කිරීම ගැන විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දැනුම්දීමක්
Sri Lanka
By Sewvandhi
විදුලි සංදේශ සමාගම් විසින් ප්‍රකාශයට පත් කරන ලද දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි කිරීම සඳහා අනුමැතිය ලබාගෙන නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
විදුලි සංදේශ සමාගම් ප්‍රකාශ කළේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) හඳුන්වාදීමත් සමඟ සියලුම අද (05) සිට ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව සියලු ම පෙරගෙවුම්, පසුගෙවුම් පැකේජ සහ Pay TV සේවා සඳහා ද 2.5% ක නව බදු අනුපාතය එකතු කිරීමට නියමිත අතර, ඊට අදාල ගාස්තු සංශෝධනය කිරීමට ද නියමිතයි.
ඒ අනුව අද සිට ගෙවීම් සිදුකරන රූපවාහිනි සේවා, පෙරගෙවුම් සහ පසු ගෙවුම් ඇතුලු අනෙකුත් සේවාවන්වල ගාස්තු ඉහළ යනු ඇති.
නව ගාස්තු සම්බන්ධයෙන් සියලු තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලද පළකර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |