කථානායකගෙන් විශේෂ නිවේදනයක්..!
කථානායකවරයා විසින්, පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරන තර්ජන, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙසට මන්ත්‍රීවරුන්ට දැනුම්දෙයි.
ඊයේ (24) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ නිවේදනයක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙම විශේෂ දැනුම්දීම සිදුකළේය.
කථානායකවරයා එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ ඇතැම් අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් පාර්ලිමෙන්තුවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බවයි.
විශේෂයෙන් සභාවේ වැඩකටයුතු පවත්වාගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීමට කථානායකතුමාට/මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහායවීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකි බව ද ඔහුගේ නිවේදනයේ දැක්වෙයි
තවද, නිලධාරීන් පිළිබඳ එවැනි චෝදනා ඇත්නම් ඒවා කථානායකවරයා වෙත යොමු කරන ලෙස ද සඳහන් කර තිබේ.