දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..
                                    
                    Sri Lanka
                
                                                
                    Sri Lanka Railways
                
                                                
                    Department of Railways
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවය.
කොටාපාර දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (27) පස්වරුවේ කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමට ලක්වී තිබුණි.
එමනිසා දුම්රිය මාර්ගයටද අලාභහානි සිදුවී තිබු අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවනයවීමට නියමිත සියලු දුම්රිය අවලංගු කිරීමට සිදුවිය.
අද (28) පස්වරුවේ දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් පසු මෙලෙස කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
 
                 
                 
                                             
        
     
     
     
     
    