පොළී අනුපාත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්..
Ranil Wickremesinghe
Sri Lanka
Economy of Sri Lanka
By Sewvandhi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, අපේක්ෂා කරන තත්ත්වය රට තුළ පවත්වාගෙන ගියහොත් මාස කිහිපයක් තුළ පොලී අනුපාත අඩුවෙනු ඇති බවයි.
අද (29) රනිල් වික්‍රමසිංහ මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"මම හිතන්නේ හොඳම දෙය තමයි, ණය ප්‍රතිව්‍යුහගතකරණය ඔබට සහ ශ්‍රම බලකායට වැදගත් වන ආකාරය ඔවුන්ට පැහැදිලි කිරීම.
මට හිතෙන්නේ එය ඔබට කළ හැකි දෙයක්. මෙම තත්ත්වය තව දින කිහිපයක් පවත්වාගැනීමට ඔබට හැකිවුවොත් එය හොඳම ප්‍රතිඵලයක් ඇති කරගැනීම සඳහා ඉතාමත් උපකාරි වේවි. මේ සමගම අපේ පොලී අනුපාත ද අඩුවේවි.
එය මාස කිහිපයක් ඇතුළත සිදුවේවි. දෙවනුව සංවර්ධන සහාය ආරම්භ වේවි. එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයටත් රුකුලක්."