ගැහැණු වෙස්ගත් වෙඩිකරු ගැන පොලීසියෙන් නිවේදනයක්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 22, 2023 08:52 AM GMT
Report

ඊයේ (21) අලුයම කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ සිදුකළ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරනෙ යතුරුපැදිය අද (22) පෙරවරුවේ සොයාගෙන ඇත.

මෙම යතුරුපැදිය සොයාගෙන ඇත්තේ කොස්ගොඩ සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක තිබියදීය.

යතුරුපැදිය අසල තිබී කාන්තා ඇඳුම් කිහිපයක් ද පොලීසිය සොයාගෙන ඇති අතර පොලීසිය සැක කරන්නේ යතුරුපැදියේ පැමිණි වෙඩික්කරුවෙකු කාන්තාවක් ලෙස සැරසී පැමිණ ඇති බවටය.

පොලීසිය සඳහන් කළේ, අදාළ යතුරුපැදිය ඌරුබොක්ක ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවයි.