සැකකරුවෙකු ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!පච්චයක් ගැනත් කියයි..(PHOTO)
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර ඔහුව සොයාගැනීමට මහජන සහාය අවශ්‍ය බවයි.
පොලීසිය සඳහන් කළේ, හඳුනාගෙන ඇති පහත ඡායාරූපයේ සිටින පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
පුෂ්පරාජ් විග්නේෂ්වරන් නැමති 27 හැවිරිදි එම සැකකරු ජම්පටාවීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වෘත්තියෙන් මාළු වෙළෙඳාමේ නිරතව සිටින පුද්ගලයෙකු බවත් දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියෙකුගේ මුහුණක රූපයක් ආකාරයෙන් කැටයමක් පච්චයක් කොටා ඇති බවත් පොලීසිය පවසයි.
ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස ද පොලීසිය ඉල්ලීමක් කරයි.
අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය - 071 859 1733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය - 071 85917335
ස්ථානාධිපති විමර්ශන ඒකකය - 071 8596503
