පිරවුම්හල් 12කට ඉන්ධන බෙදාහැරීම නතර කරයි

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sewvandhi Aug 19, 2022 12:33 PM GMT
Report

ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය භාවිත කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය ගැන සිදුකළ නිරීක්ෂණ සම්බන්ධයෙන් අද (19) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අනුව එම ක්‍රමවේදයට අවම ලෙස දායක වී ඇති පිරවුම්හල් 12ක් හඳුනාගෙන ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.එම පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

එමෙන්ම මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත ලබාදීමටත් අඛණ්ඩව නියාමන කටයුතු සිදු කිරීමටත් තීරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now