IMF වෙතින් ලංකාවේ අලුත්ම තත්වය ගැන විශේෂ පැහැදිලි කිරීමක්..!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය ප්‍රකාශ කර සිටියේ, වර්මානයේ පවතින ආර්ථික අභියෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරන ආකාරය සහ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.
වැඩිදුරටත් ඇය සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාදීමට කටයුතු කරන බවයි.
අද (22) පැරිස් සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මුණගැසී ඇත.
අනතුරුව ඇය ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණි. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැරිස් නුවරට ගොස් සිටී.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්විය.
ජුනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ "වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම" යන්නය.