රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..! විෂය පථයන් 12ක් ඔස්සේ අති විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ..!

Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Gota Go Home 2022 SL Protest GMOA Sri Lanka
By Sewvandhi Apr 25, 2022 02:20 PM GMT
Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවතින අර්බුදය විසඳීම සඳහා මහජන අදහස් කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව විෂය පථයන් 12ක් යටතේ එම මහජන අදහස් කැඳවීම සිදුකිරීමට තීරණය කර ඇත.

මේ සඳහා එම සංගමය විසින් කමිටුවක් පිහිටුවීමට ද තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙම ජනතා අදහස් සහ යෝජනා පහත සඳහන් ලිපිනයන් ඔස්සේ සිය කමිටුව වෙත දැනුම් දෙන ලෙසටය.

ඒ අනුව,  ලේකම්,  රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමය, නො. 275/ 75 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 07. ලිපිනයට දැනුම් දිය හැකිය.

නැතිනම් 2022crisis.gmoa@gmail.com යන විද්‍යුත් තැපෑල ඔස්සේ දැනුම් දියහැකිය.

අදාළ නිවේදනය,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery