විශේෂඥ වෛද්‍යවරුන් දැඩි කණස්සල්ලෙන්..විශේෂ තීරණයක් ගනී ...

Sri Lanka strike GMOA speacialist salary problems
By Sewvandhi Feb 19, 2022 01:51 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජාතික වැටුප් ප්‍රතිපත්ති අභිබවා යෝජනා වන අවිධිමත් වැටුප් සංශෝධන

පිලිගත් ආයතන වල ප්‍රතිපත්ති වලට පටහැනිව සෞඛ්‍ය සේවාව තුල සිදු වෙමින් පවතින වැටුප් හා අමතර දීමනා සංශෝධන හරහා සෞඛ්‍ය සේවයේ විවිධ වෘත්තීකයින් අතර පවතින අසහනකාරී තත්වය අපට ඉතා දැඩි කණස්සල්ලක් ඇති කරන හේතුවක් මෙන්ම එය අපගේ විශ්මයට ද කරුණකි.   

සෞඛ්‍ය අංශයේ හා රාජ්‍ය සේවයේ අන් අංශවල දැනට පවතින ඕනෑම වැටුප් විෂමතාවයක් සංශෝධනය කිරීමේදී ඒ සඳහා විශේෂයෙන් පත් කර ඇති ජාතික වැටුප් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් එම සේවකයින්ගේ සුදුසුකම් මත ඔවුන්ගේ පිලිගත් වෘත්තිමය කුසලතා අනුපිළිවෙල රැකෙන පරිදි මෙම වැටුප් සංශෝධන කළ යුතු බව අපි අවධාරණය කරමු.

එමෙන්ම එවැනි සංශෝධන කිසි විටෙකත් බලවත් වෘත්තිය සමිති අවශ්‍යතා මත පත්කළ තාවකාලික කොමිසමක් හරහා හෝ හදිසි කැබිනට් තීරණ මගින් නොවිය යුතු බවද අපි අවධාරණය කරමු.

පිලිගත් නීතිමය රාමුවෙන් පිටත සිට ගන්නා එවැනි තීරන හා සංශෝධන මගින් සෞඛ්‍ය අංශ වල මෙන්ම රජයේ අනිකුත් අංශ වල ඇති විය හැකි විරෝධතා මෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ග හරහා රාජ්‍ය සේවය ඉතාමත් දැඩි ලෙස අකර්මණ්‍ය වීම මගින් රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම අඩපණ වීමට ඉඩ ඇත. 

 විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් ලෙස, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් මෙන්ම අධිකරණයේ සාමාජිකයන්ගේ වැටුප් හා සැසදීමේදී අපගේ වැටුප් තලය සහ අනෙකුත් දීමනා (DAT allowance ) ගැන යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් තිබුණද අනිසි ක්‍රමවේදයන් හරහා අපගේ වැටුප් සංශෝධනය කර ගැනීමට අප කිසිවිටකත් උත්සාහ කර නැත.

අප සැමවිටම නියමිත ක්‍රමවේදය වන ජාතික වැටුප් කොමිසම හරහා එය සිදු කිරීමට උත්සාහ දරා ඇත.

එමනිසා බලධාරීන් විසින් වැටුප් සංශෝධන සඳහා පත්කර ඇති ආයතන සහ නීතිමය ක්‍රියාමාර්ගයෙන් පරිබාහිරව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් වෘත්තීය සංගමයක් ලෙස අපට ද සිදුවන්නේ අන් වෘත්තිය සමිති අනුගමනය කරමින් ඊට සමගාමී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම පමණකි.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

මේ අතර,2022 පෙබරවාරි 21 වන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ ඊයේ (18) දින සිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

එම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery