ඡන්දය ගැන අලුත්ම දැනුම්දීමක් - මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්..!
මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මේ වනවිට මූලික කටයුතු සුදානම් කර අවසන් බවයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙම වසරේ අඟ භාගයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව නියමිත අතර ඒ සඳහා කොමිසම සුදානමින් පසුවන බවයි.
ඔහු පැවසුවේ, ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි දහසක මුදලක් පසුගිය අයවැයෙන් වෙන්කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබා ගැනීම සඳහා හැකි බවයි.
එමෙන්ම මැතිවරණය පැවැත්වීම සඳහා සිදුකෙරෙන කටයුතු පිළිබඳව සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
අවශ්‍යකරන ලිපිද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට කොමිසම මේ වන විටත් කටයුතු කරමින් සිටන බව සඳහන් ය.
මේ අතර ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පවත්වන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ ද ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශ්ව මහමැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ ජුනි මාසයට ප්‍රථම මහමැතිවරණයක් පැවැත්වුවහොත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ගැටලු ඇති විය හැකි බවය.(උපුටාගැනීමක්)