නව ආණ්ඩුවක් පිහිට වීමට හැකිද..? රටේ වත්මන් අර්බුදයෙන් මිදීමට මැතිවරණ කොමිසමෙන් විශේෂ යෝජනාවක්..!
දේශපාලන පක්‍ෂවල විවිධ ප්‍රතිපත්තිවලට ගරු කරන අතරම, පාර්ලිමේන්තුවේ හෝ වෙනත් අතුරු ආකෘතියකින් සියලුම පක්‍ෂ නියෝජනය කරමින් කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදේශන ක්‍රියාවලියක සහ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කාලය එළැඹ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරනවා.
එහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් විසින් අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව තම අදහස බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
ඊට අදාළව බෙහෙවින්ම වැදගත් වනුයේ වැඩපිළිවෙල ක්‍රියාවට නැගීම බවද එහි තවදුරටත් දැක්වෙනවා. ඒ සඳහා නිශ්චිත කාලරාමු තුළ ක්‍රියාත්මක කළ යුතු යෝජනා අටක්ද මැතිවරණ කොමිෂන් සභාව දක්වා තිබෙනවා.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායකය ඉවත් කිරීම හෝ බලතල සීමා කිරීම හෝ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම සහ රටට විදේශ විනිමය ලබාගැනීමේ වැඩපිළිවෙලක් සහිත ව්‍යාපෘති අමාත්‍යාංශ සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා වන විශේෂ අමාත්‍යාංශ ඇති කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට හා බෙදාහැරීමට විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, මහජන නියෝජිතයන්ට ලබාදෙනු ලබන අධි වරප්‍රසාද සීමා කිරීම වැනි යෝජනා එහි ඇතුළත්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |