අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්...!

Ministry of Education Sri Lankan Schools Education School Incident Latest Headlines
By Sewvandhi Mar 04, 2024 02:17 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරන්නේ, අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බවයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු බවයි.

පාසල්වල පුරප්පාඩු පවතී නම් අදාළ විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප‍‍්‍රකාරව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කෙරේ.

එබැවින් අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙසට අමාත්‍යාංශය වැඩිදුරටත් අදාළ පාර්ශ්ව වෙත් දන්වා සිටියි.