රටම අඳුරු වෙයිද..?ලංකා ගල් අඟුරු සමාගමෙන් නිවේදනයක්..!

Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Nov 28, 2022 10:14 AM GMT
Report

 ලංකා ගල් අඟුරු සමාගම, නිවේද්නයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙවර ගල් අඟුරු ගැනීමේදී විශාල බාධක ප්‍රමාණයක් පැවතියද කෙසේ හෝ නැව් වාර 35ක ප්‍රමාණයක් ගොඩබෑමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බවයි.

එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, 2022 -23 වාරය සඳහා මේ වන විට නැව් වාර හතරක් දැනටමත් සැපයුම් කටයුතු අවසන් කර ඇති අතර පස්වන නැව් වාරය පුත්තලම නැංගුරම දක්වා යාත්‍රා කරමින් පවතින අතර එය දෙසැම්බර් 8 වන දින වනවිට පැමිණීමට නියමිතව ඇති.

මේ වන විට යවන යාත්‍රාව ද මූලික ගෙවීම් කිරීමෙන් අනතුරුව පැටවීමට අවශ්‍ය කටයුතු කර කරමින් පවතින බවද එහි සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery