CEYPETCO විශේෂ නිවේදනයක් නිකුත් කරයි..!
Ceylon Petroleum Corporation
Sri Lanka
Minister of Energy and Power
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු සියලු ඉන්ධන තොග කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඔවුන් කියා සිටින්නේ. ඒ අනුව ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදනය කෙරෙනු ඇති බව එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ආනයනික ඉන්ධන කොළොන්නාව හා මුතුරාජවෙල යන ඉන්ධන පර්‍යන්තයන්හි පවතින බව ද සිපෙට්කෝ නිවේදනය කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
