ලබන 27 වනදා සිදු කරන දෙයක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්..!

Central Bank of Sri Lanka Ministry of Finance Sri Lanka Financial crisis
By Sewvandhi Mar 23, 2024 11:11 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27 වනදා සිදු කරන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහිදී රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.