සල්ලි වලට මෙහෙම කරනවා නම් අද ඉඳන් වෙන දේත් දැනන් ඉන්න - මහා බැංකුවෙන් හදිසි නිවේදනයක්..!

Central Bank of Sri Lanka Money Latest Headlines
By Sewvandhi Mar 21, 2024 09:49 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට සමාජය තුළ නව රැල්ලක් බවට පත්වී ඇති මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන්ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුවී ඇති බවයි, එහි දැක්වෙන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව පහත දක්වා ඇති කටයුතු සිදුකරගෙන යෑමෙහි නියැලී සිටින ඕනෑම පුද්ගලයෙකු වරදක් සිදු කරන බවයි, මහ බැංකුව දැනුම්දෙන්නේ.

පහත දක්වා ඇති ආකාරයේ වරදකට හසුවන යම් පුද්ගලයෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වීම මත රුපියල් මිලියන 25කට නොවැති දඩ මුදලක් හෝ තෙවසරකට නොඅඩු සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් වෙන බවය.

අදාළ නිවේදනය පහතින්,

Gallery