විදේශවල සිට මුදල් එවන්නන්ට මහ බැංකුවෙන් දීමනාවක්..!

Central Bank of Sri Lanka Sri Lanka
By Sewvandhi Nov 11, 2022 01:49 PM GMT
Report

විදෙස්ගතව රැකියාවල නිරතවී සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, විදේශයන්හි සේවා නියුක්ත ඔබ හෝ ඔබේ ආදරණීයයන් වෙත රුපියල් 20,000 කට සමාන හෝ ඊට වැඩි විදෙස් මුදලක් එවන සෑමවිටම ප්‍රේෂණ ගාස්තු ප්‍රතිපූරණයක් ලෙස රුපියල් 1,000ක දිරිදීමනාවක් ලැබෙන බවය.

මෙම දීමනාව බලපත්‍රලාභී බැංකුවකින් හෝ විදේශ ප්‍රේෂණ නියෝජිතයාගෙන් ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

දීමනාව අදාළ වන්නේ බලපත්‍රලාභි බැංකුවල පවත්වාගෙන යනු ලබන රුපියල් ගිණුම්වලට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ කවුන්ටරයෙන් සෘජුවම රුපියල් ලෙස ලබාගන්නා විදේශ ප්‍රේෂණ සඳහා පමණි.

විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අංක - 0112 477 426 ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

විද්‍යුත් තැපැල -frfd@cbsl.lk


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now