ජාතික හැඳුනුම්පත නොමැති සාමාන්‍ය පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

Ministry of Education G.C.E. (O/L) Examination Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 15, 2026 02:50 PM GMT
Report

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන නමුත් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට, තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර විභාගය සඳහා ලියාපදිංචි විය හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (15) නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, පාසල් අයදුම්කරුවන් සඳහා අදාළ උපදෙස් මේ වන විටත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවයි.

2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් කැඳවීම ජූලි 23 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, ජාතික හැඳුනුම්පත නොමැති වීම අයදුම් කිරීම සඳහා බාධාවක් නොවන බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඒ අනුව, ජාතික හැඳුනුම්පතක් නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර විභාග අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.

විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සියලුම අයදුම්කරුවන් ජූලි 23 වැනිදාට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, එම අවසන් දිනය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වැඩිදුර තොරතුරු සඳහා 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 0112 784537, 0112 786616, 0112 784208 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගත හැකිය.