නිවෙස්ගතව ප්‍රතිකාර ලබන Covid රෝගීන්ට විශේෂ දැනුම්දීමක්..!

vaccination Covid19 omicron Sarath Gamini
By Sewvandhi Feb 10, 2022 02:39 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

කොවිඩ් ආසාදිතව නිවෙස්ගත වී සිටින පුද්ගලයින්ට බරපතළ රෝගාබාධ නොමැති නම් වෛද්‍ය උපදෙස් පැතීමේ අවශ්‍යතාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණි ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

"ඕනෑම රෝග අවස්ථාවක ප්‍රධාන කරුණ තමයි විවේකයෙන් සිටීම. තමන් වෙනදා කරන බර වැඩ කිරීම, අනවශ්‍ය ලෙස එහා මෙහා යෑම ආදියෙන් වැළකී සිටිම ඉතා වැදගත්. ඊළඟට හැකි පමණ දියර පානය කිරීම. ඕනෑම වර්ගයක් අඩුම ගානේ දිනකට ලීටර 2ක් වත් වැඩිහිටියෙක් ගත යුතු වෙනවා.

දින තුන හතරක් යනකොට රෝග තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවෙනවා. ඒ කාලේ ඇතුළත පරිස්සම් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ දිගින් දිගටම තද උණ තියේ නම්, හිසරදය වැඩි නම්, වමනය හෝ වෙනත් රෝගී තත්ත්වයක් නම්, ආහාර හෝ දියර වර්ග ගැනීම අපහසු වෙනවා නම් ඒ අවස්ථාවේ දී වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. ඒ ඇරෙන්න වෛද්‍යවරුන් හමුවීම අවශ්‍ය නෑ."

යළිත් වරක් මෙරට දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now