දුම්රිය ධාවනය ගැන දැනුම්දීමක්..!
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Sewvandhi
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ජූලි මස 15වන දින වනවිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.
එනම්, මාර්ගයේ සිදුවන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ වන විය උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවන්නේ කොළඹ සිට අනුරාධපුරය දක්වා පමණයි.
අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ලබන මස අවසන් කිරීමට මේ වන විට සැළසුම් කර තිබේ.
ඒ අනුව කොළඹ සිට යළිත් වරක් කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවන කටයතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහව - ඕමන්තේ දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂක අශෝක මුණසිංහ මහතා පැවසුවේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |