කිම් ජොන් අන්ගේ නංගිගෙන් අමෙරිකාවට අනතුරු අඟවයි.

United States of America South Korea
By Wayomi Mar 07, 2023 10:54 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

උතුරු කොරියානු රජයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනයක් වන කිම් යෝ ජොන් විසින් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ, තමන් අත්හදා බලන මිසයිලයක් බිම හෙලීමට ගන්නා ඕනෑම පියවරක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් සේ සලකන බව පවසමින්.

කිම් යෝ ජොන් යනු උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරියයි.

ඇය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතු වී ඇත්තේ, අමෙරිකාව සම්බන්ධයෙන් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබූ පුවතක් බවයි වාර්තා වන්නේ.

එම පුවතේ සඳහන් වන්නේ, උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම්වලදී පැසිෆික් සාගරය දෙසට අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලුවහොත් ඒවා බිම හෙලීමට අමෙරිකාව සැලසුම් කර ඇති බවයි.

නමුත් අමෙරිකාව සහ හිතමිතුරු රටවල් මෙතෙක් කිසිඳු අවස්ථාවකදී උතුරු කොරියාව දියත් කළ බැලැස්ටික් මිසයිලයක් වෙඩි තබා බිම හෙළා නොමැත.

කෙසේ වෙතත් මෑතක සිට උතුරු කොරියාව විටින් විට ජපානයට ඉහළින් සහ ඔවුන්ගේ මුහුදු සීමාව ආසන්නයට පතිත වන පරිදි බැලැස්ටික් මිසයිල අත්හදා බලමින් සිටිනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...      

JOIN NOW