උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි.

Missile United States of America North Korea South Korea World
By Hashini Aug 31, 2023 09:43 AM GMT
Report

උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කෙටි දුර මිසයිල දෙකක් මෙලෙස අත්හදා බලා ඇති බවයි.

එම මිසයිල දකුණු කොරියානු මුහුදු ප්‍රදේශයට පතිත වී තිබෙනවා.

උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ, දකුණු කොරියාව සහ ඇමෙරිකාව වාර්ෂිකව සිදුකරන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙස බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කොරියාව විසින් දීර්ඝ කාලයක සිට අදාළ යුද අභ්‍යාස තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා.