උතුරු කොරියාව තවත් දිය යට න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි - විකිරණශීලී සුනාමියක් ද නිර්මාණය කළ හැකිය..

North Korea
By krishani Apr 08, 2023 08:08 AM GMT
Report

තවත් න්‍යෂ්ටික දිය යට ප්‍රහාරක ඩ්‍රෝන යානයක් උතුරු කොරියාව විසින් අත්හදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය හෙයිල් ටූ ලෙසින් නම් කර ඇති මෙම යානයෙන් දිය යටින් ගොස් නෞකා සහ සබ්මැරීනවලට පහරදීමේ හැකියාව ඇත.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හෙයිල් හෙවත් කොරියානු බසින් සුනාමි ලෙස අරුත් ගැන්වෙන මෙම ප්‍රහාරක අවියෙන් විකිරණශීලී සුනාමියක් නිර්මාණය කළ හැකි බවයි.

මෙම යානය මගින් සිදුකෙරෙන න්‍යෂ්ටික පිපිරීමකින් පසු, සුනාමියක් සේ දසත විහිදී පැතිරී යන ඇසට නොපෙනෙන විකිරණ මගින් පණ ඇති සියලු දේම විනාශ වී යා හැකි ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join