උතුරු කොරියාවේ කෲස් මිසයිල හතරක් ගැන එරටින් ඇසෙන අලුත්ම ආරංචිය..

North Korea
By krishani Feb 24, 2023 06:30 AM GMT
Report

යුද ගැටුමක දී සතුරු හමුදාවන්ට න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමට උතුරු කොරියාව උපාය මාර්ගික වශයෙන් වැදගත් කෲස් මිසයිල හතරක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

හම්යොන්ග් පළාතේ කිම්චායෙක් නගරයට නැගෙනහිරින් වූ මුහුදු තීරයේ ඊයේ (23) පැවති යුද අභ්‍යාසයක දී කොරියානු මහජන හමුදාව මෙලෙස කෲස් මිසයිල අත්හදා බලා ඇත.

එම යුද අභ්‍යාසය සාර්ථක වී ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join