උතුරු කොරියාවෙන් බ්ලැස්ටික් මිසයිලයක් - යුද්ධයකට සුදානමක්?..

North Korea
By krishani Feb 19, 2023 06:43 AM GMT
Report

උතුරු කොරියාව අන්තර් මහද්වීපයට බ්ලැස්ටික් මිසයිලයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

විනාඩි 67ක් පියාසර කළ එම මිසයිලය කිලෝමීටර් 900ක දුරින් පිහිටි ජපාන මුහුද වෙත පතිත වී ඇත.

අමෙරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව සිදුකිරීමට සැලසුම් කර ඇති යුද අභ්‍යාසවලට ප්‍රතිචාරයක් වශයෙන් යුද්ධයක් සඳහා උතුරු කොරියාවේ සූදානම පෙන්නුම් කිරීමට එම මිසයිලය එල්ල කර ඇත්තේ.

ඕනෑම සතුරු ක්‍රියාවකට ශක්තිමත්ව මුහුණදීමට තම රට සූදානම් බව උතුරු කොරියාව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join