උතුරු කොරියාවෙන් අලුත්ම අත්හදා බැලීමක්..

North Korea
By krishani Dec 16, 2022 04:21 AM GMT
Report

උතුරු කොරියාව විසින් අධිතෙරපුම් ඝන ඉන්ධන මෝටාරයක් අත්හදාබලා ඇත.

ඊයේ (15) එරට නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණයෙන් සෝහේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දී මෙම අත්හදා බැලීම සිදු කර ඇත.

න්‍යෂ්ටික බලය අතින් ශක්තිමත්ම රට වීමට අපේක්ෂා කරන බව උතුරු කොරියානු නායකයා එහි දී ප්‍රකාශ කර ඇත.

මෙවැනි අත්හදාබැලීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වන බවත්, මෙමඟින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සංවර්ධනය කිරීම සහ නව ආකාරයේ උපාය මාර්ගික අවි පද්ධතියක් සංවර්ධනය කිරීමට සැලැසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join