උතුරු කොරියානු ජනපති දියණිය ලොවම පුදුම කරමින් පළමු වරට පෙරට එයි.(PHOTOS)

North Korea
By Aruna Nov 28, 2022 12:58 AM GMT
Report

ලොව දැවැන්තම න්‍යෂ්ඨික බලය හිමි උතුරු කොරියානු ඒකාධිපතිවරයා වන කිම් ජොන් උන්ගේ දියණියක් පසුගිය දිනෙක ප්‍රසිද්ධියේ පළමුවරට පෙනී සිටියා.

කිම්ගේ දෙවන දරුවා ලෙස සැළකෙන Ju Ae නම් මේ දියණිය අවුරුදු නවයක් හෝ දහයක් වන බවයි ඩේලිමේල් අනාවරණය කරන්නේ.

කිම් සිය දියණිය සමඟ පෙනී සිටින ඡායාරූප කිහිපයක් ද මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, එම ඡායාරූපවල කිම්ගේ අත අල්ලාගෙන දියණිය කළු පැහැති කබායකින් සැරසී සිටින අයුරු දැකගත හැකියි.

න්‍යෂ්ඨික මෙහෙයුම් නැරඹීම සඳහා කිම් සමඟ දියණිය පැමිණ සිටි අතර, එහි සිටි විද්‍යාඥයින් සහ කම්කරුවන් ප්‍රීති ඝෝෂා නඟන අයුරු ද දැකගත හැකිවුණා.

කෙසේ වෙතත්, කිම්ගේ දියණිය මෙසේ ලෝකයට අනාවරණය කිරීම පිටුපස යම් කතාවක් තියේද එක කුමක් ද යන්න බොහෝ දෙනෙක් සැක පහළ කරමින් සිටිනවා.

බොහෝ දුරට ඉදිරියේ දී ඇයව රාජ්‍ය පාලනය වෙනුවෙන් සම්බන්ධ කරගැනීමේ සුදානමක් තියෙන්නත් පුළුවන්.. ඩේලිමේල් ඇසුරිනි...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGallery