අක්‍රීය වු නොරොච්චෝලේ මෙගාවොට් 300 විදුලි ධාරිතාවක් නැවතත් ජාතික පද්දතියට..

Sri Lanka Ceylon Electricity Board
By Subodha Aug 27, 2022 04:56 AM GMT
Report

හදිසියේ අක්‍රීය වු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය් පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වීම සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් හේතුවෙන් නවතා දමා තිබුණා.

එසේ නවතා දමා තිබූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙගාවොට් 300 විදුලි ධාරිතාවක් ඊයේ(26) පස්වරුවේ සිට ජාතික පද්ධතියට එක්කල හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් පවසනවා.

මෙලෙස නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නවතා දැමීම හේතුවෙන් පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3 ක කාලයක් විදුලි කප්පාදුවක් කෙරුණා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now