පෙට්‍රල් මිල පහළ බැසීමත් සමඟම ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්
රජය විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහත හෙළීමට පියවර ගත්ත ද, ත්‍රීරෝද රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
කිරිපිටි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ නංවමින් පෙට්‍රල් මිල පමණක් රුපියල් 15කින් පහත දැමීම රජයේ උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයක් බවට චෝදනා කළ ඒ මහතා, ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයට අදාළ සියලුම මිල සංශෝධන යෝජනා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සකස් කර අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව ද පෙන්වා දුන්නේය.
බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටිය නොහැකි බවත්, අදාළ නියාමන බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාව සතු බැවින් මිල පාලනයට තමන්ට නෛතික අයිතියක් නැති බව එම අධිකාරිය දැනුම් දී ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් නිල වශයෙන් නීත්‍යානුකූල ගාස්තු සංශෝධනයක් ප්‍රකාශයට පත්කරන තෙක් පළමු කිලෝමීටරය සඳහා රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 90ක් වන දැනට පවතින පැරණි ගාස්තු ක්‍රමවේදයම ඉදිරියටත් අය කිරීමට සිදුවන බව එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කළේය.