තුවලකරුවෙක් යතුරුපැදියෙන් රෝහල තුළටම ඇවිත් සේවකයෙක්ට ප්‍රින්ටරෙන් පහර දුන් හැටි. - (CCTV VIDEO)
                                    
                    Sri Lanka Police
                
                                                
                    Jaffna
                
                                                
                    Hospitals in Sri Lanka
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    පසුගිය 26 වනදා තුවාල ලැබූ පුද්ගලයෙක් රැගෙන ආ යතුරුපැදිකරුවෙක් යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් බාරගන්නා ගොඩනැගිල්ල තුළටම එම රෝගියා සමඟ යතුරුපැදියෙන් යෑම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුනා.
ලේ පෙරාගෙන පැමිණි තුවාලකරු යතුරුපැදියෙන් බැස ගිය පසු යතුරුපැදිකරු සහ රෝහල් සේවකයෙක් අතර ආරවුලක් ඇති වී ඇති අතර ඒ ගොඩනැගිල්ල තුළටම යතුරුපැදිය ධාවනය කිරීම ගැන රෝහල් සේවකයා විරෝධය දක්වා ඇත.
පසුව එම යතුරුපැදිකරු සිය යතුරුපැදිය නවතා එම රෝහල් සේවකයාට එම ස්ථානයේ තිබූ ප්‍රින්ටර් එකකින් පහර දී ඇත.
කෙසේ වෙතත් ඒ,සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම යතුරුපැදිකරුවාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහි CCTV වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.