මගේ සැමියා කවදාවත් මට රඟපාන්න එපා කියලා නැහැ, ළඟදීම මගේම ගීතයක් එළිදක්වනවා-නිත්‍යා දේවින්දි (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Dec 22, 2022 04:02 PM GMT
Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් මැද්දේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රුවිනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියලා කියන්නේ. ඒත් එක්කම රංගනයට වගේම ගායනයටත් ඇය ඉතාම දක්ෂයි. 

 ඉතින් ඒ වගේම දෙරණ නාලිකාවේ 2019 අවුරුදු කුමරිය තරඟයෙන් අවසන් වටයේ දොළොස් දෙනා අතරට පැමිණිමෙන් පසු ඇයට රංගනයට පා තැබීමට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම පාසල් කාලය තුළ ගායනය, නර්තනය, රංගනය යන කලාවේ විවිධ අංගයන් ඔස්සේ ඉදිරිපත් වීමේ හැකියාව ඇය කලාවට යොමු කළා කියලයි නිත්‍යා කියන්නේ.  

ඉතින් පුංචි කාලේ ඉඳලාම කලාවට සම්බන්ධ වෙනවා කියලා අරමුණක් තිබුණේ නෑ කියලත් ඇය කියනවා. හැබැයි ඇයගේ අම්මට ලොකු වුවමනාවක් තිබුණාලු ඇයව කලාව පැත්තට යොමු කරන්න. ඒ වගේම ඇයගේ අම්මයි, අයියයි නිසා තමයිලු ඇය අද කලාවේ මේ තැන ඉන්නේ. මොකද ඇයගේ තාත්තා ජීවතුන් අතර හිටියේ නැති නිසා. 

  ඒ වගේම මේ සුරූපී රංගන ශිල්පිනිය දැන් විවාහ වෙලයි ඉන්නේ. ඉතින් ඇයගේ ආදරණීය සැමියා ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්. මේ දවස්වල සියත රූපවාහිනියේ යන රේස් කියන ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා තමයි ඔහු. ඒ වගේම ඇය දැන් විවාහ වෙලා අවුරුදු දෙකකට ආසන්නයි. ඒ වගේම ඇයගේ සැමියා කවදාවත් ඇයට කලා කටයුතුවලින් ඈත් වෙන්න කියලා නැහැලු.  

ඔහු ඇයට විශාල සහයෝගයක් ලබාදෙනවා කියලයි නිත්‍යා කියන්නේ. ඉතින් ඔහු කළා ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් ලැබූ අයෙක් නිසා ඔහුගේ මඟ පෙන්වීම ඇයට විශාල සහයෝගයක් හා ශක්තියක් කියලත් ඇය කියනවා. ඒ නිසාම ඔහුට කලා වැඩ කටයුතු ගැන හොඳ අවබෝධයක් තියෙනවාලු. ඉතින් ඔහුත් නිතරම ඉන්නේ කලා ශිල්පිනියන් ශිල්පීන් එක්ක නිසා ඇයට කලාවෙන් ඈත් වෙන්න නම් කියලා නැහැලු.  

ඒ වගේම ඇය පාසල් කාලයේ ඉඳලම පෙරදිග සංගීතය හදාරලා තියෙනවා. හැබැයි විශාරද දක්වාම නම් වැඩිදුර ඉගෙන ගන්න ලැබුණේ නෑ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට ඒ කාලයේ ඉඳලම හොඳට සින්දු කියන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඉතින් ඉදිරියේදී ඇයගේම ගී නිර්මාණයක් තුළින් ඇය ගායන ක්ෂේත්‍රයට එක්වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery