නිමල් ලන්සා සහ ලේකම්වරයෙක් අතර ගැටුමක්..ලන්සා ඇමතිධූරයෙන් ඉවත් වෙයි?..
බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි
සිය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම සම්බන්ධයෙන් උරණ වූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා සිය ඇමැති ධුරයෙන් ඉවත්වීමට ඊයේ (15 වැනිදා) තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16 වැනිදා) හමු වී කරුණු පැහැදිලි කිරීමට රාජ්‍ය ඇමැතිවරයා තීරණය කර ඇත.
2021 වර්ෂයේ මෙම රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 35ක මුදලක් අයවැය මගින් වෙන් කර තිබුණි.
2022 වර්ෂයේ දී වෙන් කළ මුදල රුපියල් බිලියන දහයකි.
පසුගිය වසරේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට මුදල් ගෙවීම සහ මෙම වසරේ මුදල් වැය කිරීම පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයා සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ (15 වැනිදා) පෙරවරුවේ මත ගැටුමක් ඇති වී තිබේ.
ඉන් පසු රාජ්‍ය ඇමැතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කර ගන්නා ලෙසයි.
මේ පිළිබඳව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් රාජ්‍ය ඇමැතිවරයා සමග දුරකතන මාර්ගයෙන් සාකච්ඡාවක් ද පවත්වා ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත කිරීමේ අවස්ථාවටද රාජ්‍ය ඇමැතිවරයා සහභාගි වීමෙන් වැළැකී සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |