"නවක වදය කියන්නේ මානසික රෝගයක්.. ඒ ලෙඩ්ඩු ටික අල්ලලා මානසික රෝහලකට යවන්න ඕන.." - නිමල් සිරිපාල
නවක වධයට එරෙහිව ඉදිරියේ දී දැඩි තීන්දු තීරණ ගැනීමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මානසික ව්‍යාකුලත්වය හේතුවෙන් සිදුකරන පීඩාකාරි නවක වදයට එරෙහිව විශ්වවිද්‍යාල අචාර්යයවරුන් ප්‍රකාශ නිකුත් කිරීම සාධනීය තත්ත්වයක් බව බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ඒ මහතා අදහස් පළ කළේ මෙසේ ය,
"විශ්වවිද්‍යාලයට යන්න කැමැත්තක් දක්වන්නේ නෑ සමහරු නවක වධය නිසා. මම 1960 ඉදන්ම නවක වධයට එරෙහිව සටන් කළා. අපේ රජය තුළ පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා.
මේ දරුවන් අධෛර්මයත් කරන නවක වධය කියන්නේ මානසික රෝගයක්. ඒ මානසික රෝගීන් ටික අල්ලලා අපි මානසික රෝහලකට යවන්න ඕනේ. ඒ වගේම නවක වධය ගැන මීට වඩා දැඩි පියවර ගන්න ඕනේ. මම සතුටු වෙනවා දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට ඇවිත් මේ ගැන කතා කරනවා. ඉස්සර විශ්වවිද්‍යාල ආචාර්යවරුත් බයයි. දේශපාලනඥයිනුත් බයයි."