ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි.(PHOTOS)

Sri Lanka Accident
By Aruna Dec 13, 2022 04:29 AM GMT
Report

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (13) පෙරවරුවේ ඔහු අභාවපාප්‍රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින් නිහාල් නෙල්සන් ගායන ශිල්පියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වර්ෂ 1946 ජනවාරි මස 09 වැනි දින මොරටුවේ දී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවා.

ඔහු අධ්‍යාපනය ලැබුවේ රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයෙන් හා මොරටු මහා විද්‍යාලයෙන් .

සිංහල සංගීත ලොවේ බයිලා ගායකයෙකු ලෙස කරළියට පැමිණි නිහාල් නෙල්සන්, ගැයූ ජනප්‍රිය ගීත අතර 'කිරි දුන්නේ දරුවන්ටයි, කාවඩි බයිලා,ලස්සනට පිපුණු වනමල්,කරුණා සුවඳ, සල්ලි මිටි ගණන්'' ආදී ජනප්‍රියතම ගී රැසක් ඔහුගේ හඬින් ගැයුණා.

අභාවප්‍රාප්ත වන විට ගායන ශිල්පී නිහාල් නෙල්සන් 76 හැවිරිදි වියෙහි පසුවූවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery