ඉදිරි සති කිහිපය මුළු රටටම තීරණාත්මකයි..මේ ගැන හැමෝම අවධානයෙන් සිටින්න..

Ministry of Health Sri Lanka Strike Sri Lanka National Health Service
By Aruna Mar 28, 2024 12:22 AM GMT
Report

මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේද වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ඉදිරි සති කිහිපය තුළදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වන බවට වෘත්තිය සමිති අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව, එහි පළමු පියවර ලෙස සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීමට සහ වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාව සිටි රංජිත් ආරියරත්න මහතා කිසිදු චෝදනාවකින් තොරව එම තනතුරෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් රජයේ සියලුම විධායක ශ්‍රේණියේ නිලධාරීන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට සහභාගි නොවීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ඊයේ (27 වැනිදා) දිනයේ පැවැත්වුණු පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා තම සංගමයේ සාමාජිකත්වය දරන විධායක ශ්‍රේණියේ කිසිදු නිලධාරියකු සහභාගි නොවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සහ රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් දැනුම්දී තිබුණා.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමල් චින්තක මායාදුන්නේ වෙත එම සංගම් විසින් ලිඛිතව ඒ බව දන්වා ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපතිවරයකුවූ රංජිත් ආරියරත්න මහතා දේශපාලන බලපෑම් මත එම තනතුරෙන් ඉවත් කරන ලද බවට චෝදනා කරමින් වයඹ පළාතේ සියලුම විධායක ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන් පසුගියදා කුරුණෑගලදී ප්‍රබල විරෝධතාවකද නිරත විය.