ලබන සතියේ විදුලි කප්පාදුවෙහි වෙනසක්..? කාලය තවත් දීර්ඝ වෙයිද?

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today Sri Lanka Electricity Prices
By Sewvandhi Aug 25, 2022 06:02 AM GMT
Report

හදිසියේ අක්‍රිය වු නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සදුදා සිට යලි ජාතික පද්ධතිය හා එක් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි කියා සිටියේ, ඒ අනුව මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට යළි එක්වන බවයි.

පළමු ජනන යන්ත්‍රය සහ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් හේතුවෙන් නවතා දැමීම හේතුවෙන් පසුගිය 15 වනදා සිට මේ දක්වා දිනකට පැය 3ක කාලයක් විදුලි කප්පාදු කෙරෙනවා.

මේ අතර ,අද (25) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. A සිට L දක්වා සහ P සිට W දක්වා පස්වරු 1 සිට රාත්‍රී 10 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව M,N,O,X,Y,Z කලාප සඳහා පෙරවරු 5.30 සිට උදෑසන 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය

   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


Gallery