එන ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ අපේක්‍ෂකයා මෛත‍්‍රී?. දේශපාලනයේ විශාල පෙරළියක්.

Sri Lanka Political Sajith premadasa Gotabaya Rajapakshe Maithreepala sirisena Next president
By Aruna Feb 05, 2022 10:57 PM GMT
Report

ඊළඟ ජනාධිපතිවරනයේදී සමගි ජන බල වේගයෙන් තරග කරන්නේ කවුදැයි සොයා ගත නොහැකි තරමට එම පක්ෂය අවුල් වී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ගම්පොල කාන්තා බලමණ්ඩලය අමතමිනි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය ඉදිරියේ දී නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ වන විට පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

ඉදිරියේ පවත්වන මැතිවරණ වලට එම නව සන්ධානයෙන් තරඟ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුව නැති බවත් බවත් ආණ්ඩුවෙන් ඉවත් වීමට ද සූදානමක්ද නැති බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now